Insight - Free Edition Short S Android

Insight - Free Edition Short S

Short stories, life stories of buddha, motivation stories, and kids’ stories.

Features & Capabilities

ඔබ සියලු දෙනාම, නිදහස් වෙලාවට පොතක් කියවලා, මනස නිරවුල් කරගන්න කැමතියි නේද? ඒ සඳහා විසඳුමක්, දැන් අප ඔබට, අපගේ App එක තුලින් ලබාදෙනවා.

මෙහි ඔබ සඳහාම වෙන්වූ සඟරා 4ක් අඩංගු වෙනවා. පළමු සඟරාව තමා, " කෙටිකතා " සඟරාව. ඔබ කතා කියවීමට ආස ඇති. කතාවක සාමාන්‍යයෙන් අරමුණ වියයුත්තේ, මිනිසෙකුට ආදර්ශයක් ලබාදීමයි. නැතහොත්, මිනිසෙකු ඔහු සිටින ප්‍රීඩාකාරී මානසිකත්වයෙන් මුදවා ගැනීමයි. එය අවබෝධ කරගත් අපි, ඔබ සඳහාම අපගේ පළවෙනි සඟරාව ලියන්නෙමු.

ඒ වගේම, අපගේ ඊළඟ සඟරාව වන " ජාතක කතා " සඟරාව මගින් බුදුරජාණන් වහන්සේගේ අතීත බෝසත් ආත්ම හා සම්බන්ධ තොරතුරු ප්‍රකාශ වන කතා බොහොමයක් දැනගන්නට පුළුවන්. මෙයින්ද ඔබට ආදර්ශයක් ලබාදෙන අතරම ඊට වඩා ඔබගේ ජීවිතය යහපත් මාර්ගයක රැගෙන යාමට මෙම සඟරාව උපකාරී වෙනවා. ඒවගේම, ඔබ වැටී සිටින ගැටලුකාරී තත්ත්වයන්ගෙන් සහ අසාර්ථකත්වයන්ගෙන් ජය ගැනීමට අවශ්‍ය සියලුම ධාර්මික හා මානසික ශක්තිය, මෙම ජාතක කතා කියවීම මගින් ඔබට ලබාගන්නට පුළුවන්. ඇත්තටම, ඒ කාලයේ සිටම බෞද්ධයින්ට දුකේදීත් සැපේදීත් පිහිටවූයේ ජාතක කතා පොත් වහන්සේයි. එනිසා අප, එහි ඇති ජාතක කතා ඉතාමත් සරලව පහසුවෙන් ඔබට කියවීමට හැකි ආකාරයට මෙම සඟරාව මගින් ලබා දෙනවා.

ඊට අමතරව, අප ඔබට අපගේ ඊළඟ සඟරාව වන " අභිප්‍රේරණ " සඟරාව මගින්, ඔබව දිනපතා දිරිමත් කිරීමට සහ ඔබට එදිනෙදා මුහුණපාන්නට සිදුවන බාධක සහ අභියෝගවලට නොබියව ධෛර්යමත්ව මුහුණදීමට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා.

මේ කියූ සඟරා වලට අමතරව, අපි ඉතා සුවිශේෂී සඟරාවක්ද නිර්මාණය කරා. ඒ තමා, " ළමා කතා " සඟරාව. පොඩිහිටි ඔබ කතා කියවීමට බොහෝ රුසියෝ බව අප හොඳහැටි දන්නවා. ඒ නිසාම, අපි අපගේ ඊළඟ සඟරාව පොඩිහිටි ඔබ සදහාම නිර්මාණය කරා. ඇත්තටම, මේ ළමා කතා සහිත සඟරා කියවීම දරුවන්ට කුඩා කාලයේ සිටම අප පුරුදු කළයුතුයි. එවිටයි, එහි නියම රසය දරුවාට දැනෙන්නේ. එතකොට දරුවා, පොඩි කාලයේ සිටම, කතා සහිත සඟරා කියවීමට ඇලුම් කරනවා. පසුව, එය පුරුද්දක් බවට පත්වෙලා, ළමයා දිගටම ඒවා කියවීමට ආස කරනවා. ඒ හැම කතාවකින්ම, ඔවුන් දැනුම රැස් කරගන්නවා. ඒ වගේම, එයින් තමන් ජීවත්වන සමාජය, ලෝකය ගැන පුළුල් දැනුමක් ඔවුන් ලබා ගන්නවා. එවිට, ඔවුන් තනියම ඔවුන්ගේ ජීවිත නිවැරැදි මාවතේ රැගෙන ගොස් ජයග්‍රහණය කරාම ගමන් කරනවා. මොකද, ඔවුන් මෙම ආදර්ශ සහිත ළමා කතා කුඩා කල සිටම කියවීමට පුරුදු වීම නිසා, ඔවුන්ට වැරදි සිදුවීමට ඇති අවස්ථාවන් ඔවුන් පහසුවෙන්ම මඟහැර ගැනීමට දන්නවා. එමගින්, ඔවුන් නිවැරදි මාවතේම ගමන් කර, තමන්ගේ ජීවිත දියුණුවෙන් දියුණුවටම පත් කරගන්නවා. ඒ වගේම, දිනෙක ඔවුන් විශිෂ්ටයින් බවටද පත්වෙනවා. අපගේ මෙම " ළමා කතා " සඟරාව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණද වන්නේ එයයි.

අවසාන වශයෙන්, අපගේ App එක ගැන කතා කළොත්, අපගේ මෙම App එක, ලොකු කුඩා සියලු දෙනාටම කියවීමට පුළුවන් සඟරාවලින් අප නිර්මාණය කර තියෙනවා. ඒ වගේම, අප මේ සියලුම සඟරාවන්ට දිනපතාම කරුණු එකතු කරනවා. අපගේ ඊළඟ බලාපොරොත්තු වන්නේ, මේ වගේ තවත් සඟරා බොහොමයක් ඔබ වෙත ලබාදීමයි. ඒ නිසා, අපගේ App එක සමඟ දිගටම රැඳී සිටින්න.

User Growth & Download Statistics

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Team Triangle
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.triangle.insight
Email:
te*****@gmail.com

User Reviews

This Insight Stories app is very important. It motivates us for good things. And it's a good job.
by Ni*****, 2020-11-11

This insight stories app is very useful and motivational app.
by Ka*****, 2020-11-11
View all user reviews ›

Best Insight - Free Edition Short S Alternatives

Here are some Android apps that are similar to Insight - Free Edition Short S: