Dubai Sri Lankaramaya Android

Dubai Sri Lankaramaya

By: Teskill App
මෙය ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නිල යෙදුමයි.

Overview

Features & Capabilities

මෙය ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නිල යෙදුමයි.

ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය මගින් මෙම දේශයෙහි සිදු කරනු ලබන සාසනික කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට මෙන්ම විහාරස්ථානයේ සියලුම ශාසනික තොරතුරු සන්නිවේදන කටයුතු කර ගැනීට මෙම යෙදුම මගින් බෞද්ධ ඔබ සැමට පහසුකම් සපයා දී ඇත. මෙම යෙදුම හරහා ඔබට ලබා ගත හැකි පහසුකම් පහත පරිදි ඉදිරිපත් කළ හැක.

✅ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නේවාසික වැඩ සිටින මහා සංඝරත්නය උදෙසා උදෑසන දාන දහවල දාන වෙන්කරවා ගැනීම.
✅සවස බුද්ධ වන්දනාව භාර ගැනීම.
✅ඉරිදා දින සිල් සමාදන් වන පිරිසට දහවල සිල් දානය හා හවස ගිලන්පස දානය භාර ගැනීම.
✅පොහොය දිනවල සිදුකරනු ලබන උදෑසන කිරිපිඬු පූජාව, දහවල දෙතිස් වෑංජන සම්බුද්ධ පූජාව හා පොහොය දින සිදු කරන මල් සැරසිලි දායකත්වය භාර ගැනීම.
✅නිවෙස් වල සිදුකරනු ලබන දාන පින්කම්, බණ පිංකම්, පිරිත් පින්කම්, මතක වස්ත්‍ර පූජා හා වෙනත් පින්කම් සඳහා ස්වාමීන් වහන්සේලා වඩමවා ගැනීමට දින වෙන් කර ගැනීම.
✅ලංකාරාමයේ චිර පැවැත්ම උදෙසා සිදුකරනු ලබන ආරාම පූජා දායකත්වය භාර ගැනීම.
✅දාන පිළිබඳ සියළුම තොරතුරු දැනගැනීම.
✅ලංකාරාමය මගින් සිදු කරනු ලබන විශේෂ පින්කම් සඳහා සහ සම්බන්ධ වීමට හා දායකත්වයන් භාර ගැනීමට අවස්ථාව ලබා ගැනීම.
✅ඔබ විසින් බාරගන්නා ලද දානය පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග හෝ වගකිවයුතු ගිහි පින්වතෙකු සමඟ දැනගැනීමට අවශ්‍ය දේවල් සාකච්ඡා කිරීමට හැකි වීම හෙවත් live chat පහසුව.
✅සංවිධායක කමිටු සාමාජිකයන් අතර සිදුකරන chat group වලට සම්බන්ධ වීමේ හැකියාව.
✅ලංකාරාම විද්‍යුත් පුවත්පත පරිශීලනය කිරීමේ පහසුකම හා එම ලිපි සමාජ මාධ්‍යවල බෙදා හැරීමේ පහසුකම.
✅විහාරස්ථානය මගින් සිදුකරනු ලබන ඉදිරි පින්කම් පිළිබඳ ඉක්මනින් දැනගැනීමට ඇති හැකියාව.
✅ඩුබායි ලංකාරාමය හා සම්බන්ධව ඔබ විසින් සිදු කරනු ලබන පින්කම් අනික් සත්පුරුෂ පින්වතුන් අතර බෙදා හැරීමේ පහසුව හා ඒ සියලු පින්කම් ඡායාරූප සහිතව ඔබේ ගිණුම තුළ සුරක්ෂිතව තබාගෙන පින් පොතක් සේ නඩත්තු කරගෙන යෑමේ පහසුව.
✅සංවිධායක කමිටු පිළිබඳ තොරතුරු දැනගැනීම හා එම කමිටු සමග සහ සම්බන්ධ වීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම.
✅අපේ සන්නිවේදන ජාලය පිළිබඳ සියලුම තොරතුරු නිවැරදිව දැන ගැනීමේ හැකියාව.
✅අප විසින් පවත්වාගෙන යනු ලබන වීඩියෝ පුස්තකාලය පරිහරණය කිරීමේ හැකියාව.
✅අපගේ විහාරස්ථානයට පැමිණෙන ආකාරය හා විහාරස්ථානය පිහිටි ස්ථානය සේම විහාරස්ථානය සමග සම්බන්ධ වීමට හැකි ආකාරයන් දැනගැනීම.
✅විහාරස්ථානයේ විශේෂ දැන්වීම් පුවරුව බලා ගැනීමේ හැකියාව.
✅විහාරස්ථානයේ විශේෂ පින්කම් ඇතිවිට notification මගින් ඒ පිළිබඳව ඔබ වහා දැනුවත් වීම.

ඉහත සඳහන් කරන ලද සියලු පහසුකම් අත්විඳීම සඳහා මෙම යෙදුම බාගත කොට ඔබගේ දුරකථන අංකය නම හා ඡායාරූපයක් ඇතුලත් කොට අප සමග සම්බන්ධ වීමට ඔබ සියලු දෙනාටම මෙත් සිතින් සිහිපත් කරමු. මෙම යෙදුම සකස් කොට පවත්වාගෙන යෑම සඳහා අපට අනුශාසනා ලබාදෙන ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති හා ප්‍රධාන සංඝනායක අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමීන් වහන්සේටද, මෙහි තොරතුරු පළ කිරීමෙන් සහයෝගය ලබාදෙන අපගේ ඩුබායි ලංකාරාම නිල මීඩියා ගෘප් එකටද, මේ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙන සත්පුරුෂ පින්වතුන් හැමදෙනාටම ද, මෙම යෙදුම ඉතා විශ්වාසනීයව හා ආකර්ෂණීයව සකස් කරන ලද Teskill Technologies ආයතනයේ සියලු දෙනාටද, පරිහරණය කරන ඔබ සියලු දෙනාටද මේ මහා පාරමි කුසලය එකම කල්‍යාණ මිත්‍ර පෙරහරක යාව නිබ්බාන වේවා.

කෘත්‍යාධිකාරී හිමි
අතිපූජනීය නාමල්ගමුවේ විජය සීල හිමි.
ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය - ඩුබායි UAE
Phone: +971588320990, +971524226939
Email: dubaisrilankaramaya@gmail.com

User Growth & Download Statistics

App
By:
Teskill
Downloads:
116
Version:
1.11.0 Last updated: 2026-08-11
Version code:
87
Creation date:
2024-05-03
Publisher country:
LK LK
Permissions:
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • com.google.android.c2dm.permission.RECEIVE Low risk
  • com.google.android.providers.gsf.permission.READ_GSERVICES Low risk
  • android.permission.ACCESS_NETWORK_STATE Safe
  • android.permission.VIBRATE Safe
  • com.android.vending.CHECK_LICENSE Safe
  • com.teskill.lankaramaya_app.DYNAMIC_RECEIVER_NOT_EXPORTED_PERMISSION
Size:
32.54MB
Email:
du*****@gmail.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-08-26
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Teskill
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.teskill.lankaramaya_app
Email:
du*****@gmail.com
Website:
https://lankaramaya.org

User Reviews

Good
by To*****, 2024-05-08
View all user reviews ›

Best Dubai Sri Lankaramaya Alternatives

Here are some Android apps that are similar to Dubai Sri Lankaramaya: